දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරත එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආදේශනය කෙරේ
1:36pm on Thursday 26th April 2018
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි පළමු ආදේශනය කිරීම පසුගිය 2018 අපේ‍්‍රල් මස 19 සිට 22 වන දින දක්වා සිදු කරන ලදී. එහිදී දකුණු සුඩානයේ රාජකාරීන්හි නිරත වන එම්අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඒ වෙනුවට ශ‍්‍රී ලංකාවෙන් වෙනත් එම්අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් දකුණු සුඩානය වෙත යැවීම සිදු කරන ලදී.  මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඒඑන්-124 ප‍්‍රවාහන ගුවන් යානාවක් ආධාරයෙන් සිදු කරන ලදී.

මෙම හෙලිකොප්ටර් යානාවන් දෙක 2015 වසරේ සිට දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා යොදා ගනු ලැබූ අතර නියමිත රාජකාරී කාලසීමාවෙන් අනතුරුව මෙම ආදේශනය කිරීම සිදු කරන ලදී. මෙම හෙලිකොප්ටර් ආදේශනය කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අංශය විසින් සම්බන්ධිකරණය කරන ලද අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් මෙහෙයුම් අද්‍යක්‍සකතුමන් සහ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍සකතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි