රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය සමරයි
1:50pm on Thursday 26th April 2018
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින සමරන ලදී. සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ මහතා විසින් සංවත්සර පෙළපාළිය නිරීක්‍ෂණය කරන ලදී. එහිදී අණදෙන නිළධාරීතුමන් විසින් කඳවුරේ සිටයළුම සාමාජික සාමාජිකාවන් වෙත කඳවුරේ මෙන්ම ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් ක‍්‍රියාකිරීම වෙනුවෙන් සුභාශීංෂන එක් කරන ලදී.

පෙළපාලිය අවසානයේ සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් අත්පන්දු තරගා වලියක් හා "ටොම්බෝලා" රාත‍්‍රීයකින් අලංකාරවත් විය. මේ සඳහා සියළුම නිළයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ  පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි