ගුවන් හමුදා වෙසක් සැමරුම
9:06am on Wednesday 2nd May 2018
ජාතික වෙසක් දිනයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙවර ප‍්‍රදේශ කීපයක් මූලික කරගනිමින් අපේ‍්‍රල් 29 හා 30 දිනයන්හිදී ආගමික වැඩසටහන් රැසක්   ක‍්‍රියාත්මක කරන ලදී.

මෙහිදී මීරිගම 'නිසල තපෝවනය' භාවනා මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද 'නැන නද සිරි සඳහම් මැදුර' ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සුරතින් අපේ‍්‍රල් මස 30 වන දින විවෘත කරන ලදී. මෙහි ඉදිකිරීමේ කටයුතු සිදුකරන ලද්දේ ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු ඉංජිනේරු පක්ෂාංගය විසින් වන අතර අධීක්ෂන කටයුතු සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් සිදුකරන ලදී.

තවද ගුවන් හමුදාධිපති තුමන් හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ සහභාගීත්වයෙන් ගුවන් ලේඛම් කාර්යාලයේ සාමාජිකයන් විිසින් ගුවන් හමුදාධිපති නිළ නිවස ඉදිරිපිට දෙවන වරට සංවිධානය කරන ලද 'සීනි සම්බෝල පාන්' දන්සැල හා 'සව්' දන්සැල පවත්වන ලද්දේ අපේ‍්‍රල් මස 30 වන දිනයි.


අපේ‍්‍රල් මස 29



අපේ‍්‍රල් මස 30



නැන නද සිරි සඳහම් මැදුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි