අංක 2 මොටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය සිව්වන සංවත්සරය සමරයි
3:32pm on Thursday 3rd May 2018
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 02 මෝටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය සිව්වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින සමරන ලදී.මෙම සැමරුමට සමගාමීව වව්නියාව ශ‍්‍රී ගුනානන්ද ප‍්‍රාථමික විද්‍යාලයේ වැසිකිලි පද්දතිය අළුත්වැඩියා කිරීමත් කඳවුරු පරිශ‍්‍රයේ පිහිටා ඇති විහාරමන්දිරය හා පිල්ලයාර් කෝවිල මූලික කර ගනිමින් ආගමික වැඩසටහනක් ද පක්‍ෂාංග අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් යූ සී ජේ පියසේන මහතාගේ මුලිකත්වයෙන් පවත්වන ලදී.

පක්‍ෂාංග අණදෙන නිළධාරී තුමන් විසින්  සැමරුම් දින පෙළ පාලි පරීක්ෂාවෙන් අනතුරුව  කි‍්‍රකට් තරගයක් පක්‍ෂාංග සාමාජිකයන් එක්ව පැවති අතර එහි ජයග‍්‍රාහකයන් සඳහා පක්‍ෂාංග විසින්ම නිර්මිත කුසලාන ප‍්‍රධානය කිරීම කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එල් එච් සුමනවීර මහතා විසින් ප‍්‍රධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි