ගුවන් හමුදා සාමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් ගුවන් හමුදා සහාය
10:38am on Tuesday 15th May 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් සහ විශ‍්‍රාමික සේවා පුද්ගලයින් සිය අවශ්‍යතාවයන් වෙනුවෙන් සිදු කරන ලද ඉල්ලීම් වලට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින්  ඔවුන් හට මූල්‍යමය ශක්තියක් ලබා දෙමින් දරුවන්ගේ අධ්‍යාපනික අවහ්‍යතාවයන්ට මූල්‍යමය දායකත්වයක් සපයමින් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමක් පසුගියදා සිදු කරන ලදී.

සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම 2018 මැයි මස 11 වන දින ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

අ.පො.ස. උසස් පෙළ විභාගය සම්පූර්ණ කරන තුරු පහත සඳහන් ශිෂ්‍යත්වයන් ප‍්‍රදානය කරනු ලබයි.

විශ‍්‍රාමික සැරයන් කුමාරි කේඩීඒජී ගේ පුතා හට - රු. 2000.00
සැරයන් ජයතුංගගේ බීඑන්ඒපීකේ පුතා හට       - රු. 1500.00
සැරයන් විජේවර්ධන එච්එම් ගේ පුතා හට          - රු. 1500.00

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි