මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය‍ 2018
10:48am on Tuesday 15th May 2018
 මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය  2018 මැයි මස 12 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් සිදු කරන ලදී.

 ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ටෙහාන් නිමල්සිරි විසින් අණදෙනු ලැබූ උත්තමාචාර පෙල පාලියක් මගින් ආචාර පුදකරමින් ගුවන් හමුදාධිපතිතුමන් මොරවැව ගුවන් හමුදා කඳවුර වෙත මහත් හරසරින් පිළිගනු ලැබීය.

පෙළපාලිය අතරතුර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වර්ධනය සදහා සිදු කල සුවිශේෂි සේවාව අගය කිරීමක් වශයෙන් පහත සදහන් සේවා පුද්ගලයන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් කරන ලදී.

බලපන්ති සැරයන් බෝයගොඩ ඊඑම්එස්එල්
සැරයන් හේරත් එච්එම්ඩබ්

පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ‍්‍රය පරීක්ෂාවට ලක් කල අතර කඳවුරේ අලුතින් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය, සහල් මෝල සහ කඳවුරු බේකරිය ද එතුමන් විසින් විවෘත කරනු ලැබීය.

එසේම ගුවන් හමුදාවට අළුතින් හඳුන්වාදුන් නව ස්මාර්ට් හැඳුනුම්පත පරීක්ෂා කිරීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලදී.  වාර්ෂික පරීක්‍ෂණය සාර්ථක ලෙස අවසන් කිරීම පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියලු නිළධාරීන් සහ සෙසු නිළයන් ඇමතීම සිදු කල අතර කදවුර මෙම මට්ටම කරා ගෙන ඒමට කැපවූ සියලු දෙනා හට  එතුමන් විසින් ස්තුතිය පුද කරන ලදි.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි