අවුරුදු 21 න් පහල වෙරළ වොලිබෝල් ජාතික ශුරතාවය ගුවන් හමුදාවට
8:33am on Monday 28th May 2018
 2018 අවුරුදු 21 න් පහල වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි ජාතික ශුරතාවය මෙවර තමන් වෙත නතුකර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය. ශ‍්‍රී ලංකා වොලිබෝල් සංචිතය මගින් සංවිධානය කල  තරගාවලිය සුගතදාස  වෙරළ වොලිබෝල් පිටියේදී 2018 මැයි 19 වන දින පැවැත් විණි.

මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රං්ජිත් සියබලාපිටිය මැතිතුමා  සහභාගී වූ අතර ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එන් තිලකසිංහ මහතාද  එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි