රාජගිරිය වික්ටෝරියා නිවාසයේ විශේෂ වෛද්‍ය සායනයක්
3:16pm on Thursday 31st May 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහල මගින් සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනයක් රාජගිරිය වික්ටෝරියා නිවස්නයේ ආබාධිත පුද්ගලයන් උදෙසා 2018 මැයි මස 29 වන දින පවත්වන ලදී.

මෙම වෙද්‍ය සායනය සදහා ශල්‍ය කර්ම, වෛද්‍ය, අක්ෂී සායන හා මනෝවිද්යාත්මක උපදේශන ඇතුලත් වූ අතර මේ සදහා වෛද්‍ය නිළධාරීන් 07 ක්, හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් හා සිවිල් සේවක මහතුන් ගෙන් සමන්විත කන්ඩායමක් සහභාගී විය.

මෙහිදී පුද්ගලයන් 156 කට පමණ ප‍්‍රතිකාර ලබාදුන් අතර ඇස් කන්නාඩි ප‍්‍රධානයක්ද සිදුකරණ ලදී.

මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර, ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර්  වරුණ ගුණවර්ධන ඇතුළු නිළධාරීන් හා සිසුනිළයන් පිරිසක් එක්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි