ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිහින්තලේ වෙත ශෛලමය සිරිපතුල් අනුරුවක් ගුවනින් රැගෙන යයි
12:32pm on Monday 11th June 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුරු අංක 06 හෙලිකොප්ටර් බලඝණය විසින් මිහින්තලා රජමහා විහාරය වෙත ශෛලමය සිරිපතුල් අනුරුවක් ගුවනින් රැගෙන යාමේ මෙහෙයුමක් පසුගිය ජූනි මස 10 වන දින සිදුකරණ ලදී.

මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව සංවිධානය කළ මෙම වැඩසටහන ලේක්හවුස්  ආයතනයේ පූර්ණ අනුග‍්‍රහය මත සිදු කරණ ලදී.  

මෙහිදී රජරට විශ්ව විද්‍යල කී‍්‍රඩා පිටියේ සිට මිහින්තලේ 'මැද මළුව' වෙත එම් අයි 17 හෙලිකොප්ටරයක්  මගින් ශෛලමය සිරිපතුල් අනුරුව  රැගෙන ගිය අතර එ් සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ ස්කොඩ්රන් ලීඩර් අයි එස් බී තිබ්බොටුමුණුවේ විසින් වන අතර උප නියමු වශයෙන් ජේ ඒ ආර් ජයවික‍්‍රම කටයුතු කරණ ලදී. පියාසර ඉංජිනේරු වශයෙන් ක‍්‍රියා කරණ ලද්දේ බලලත් නිළධාරී කරුණාරත්න යි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි