ආරක්ෂක සේවා තුන් ප‍්‍රයාම තරඟයේ ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායමට
10:21am on Thursday 14th June 2018
10 වන ආරක්ෂක සේවා තුන් ප‍්‍රයාම තරඟයේදී ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායම ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. ගුවන් හමුදා සෞඛ සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම තරඟය  උස්වැටකෙයියා වේදී 2018 ජූනි මස 09 වන දින පැවැත් විණි.

තුන් ප‍්‍රයාම ඉසව්වන් සදහා පිහිනීම පිරිමි හා කාන්තා පිළිවලින් මීටර් 750 හා 350 ත් පාපැදි ඉසව්ව සදහා කිලෝමීටර් 20 හා 10 අවසානයේ දිවීම සදහා කිලෝමීටර් 5 හා 3 ක් ඇතුලත්ව තිබුණි.

ආරක්ෂක සේවා තුන් ප‍්‍රයාම තරඟ ඉතිහාසයේ  ප‍්‍රථම වතාවට ගුවන් හමුදා කාන්තා කන්ඩායම නාවික හමුදා කන්ඩායම පරාජය කර ජයග‍්‍රහන ස්ථාන ත‍්‍රිත්වයම හිමිකර ගැනීම  සුවිශේෂි සිදුවීමකි. 

කාන්තා
ප‍්‍රථම ස්ථානය
නායක ගුවන් කාන්තා දසනායක එල් කේ ජී කේ කේ
දෙවන ස්ථානය
නායක ගුවන් කාන්තා ද සිල්වා කේ ඩී ඒ
තෙවන ස්ථානය
නායක ගුවන් කාන්තා හේමමාලි ඒ කේ පී එච් කේ

පිරිමි
තෙවන ස්ථානය
නායක ගුවන් භට නිලවීර එච් පී ජී ඒ එස්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි