ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය තලෙයිමන්නාරමේ දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි
2:58pm on Saturday 30th June 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අනුදැනුම මත ගුවන් හමුදා විධායක දන්ත වෛද්‍ය නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජංගම දන්ත වෛද්‍ය සායනයක් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් තලෙයිමන්නාරම මිශ‍්‍ර පාසලේදී 2018 ජූනි මස 19 වන දින පවත්වන ලදී.

මෙම සායනය පැවැත්වීම සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානයේ සහයෝගයද ලැබිණි. මෙහිදී පුද්ගලයින් 257 දෙනෙකු විසින් සිය දන්ත වෛද්‍ය ගැටළු සඳහා මෙහිදී ප‍්‍රථිකාර ලබා ගන්නා ලදී. එසේම මෙහිදී ප‍්‍රථිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් හට දන්ත සෞඛ්‍ය පිළිබඳව දේශන කිහිපයක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි