වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
2:21pm on Monday 2nd July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 2018 වසර සඳහා ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 ජූනි මස 25 වන දින සිදු කරන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධිපතිතුමන් විසින්, වව්නියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්එච් සුමනවීර අණදුන් ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, අංක 111 නියමු රහිත ගුවන් යානා බලඝණය, අංක 2 ගුවන් ආරක්‍ෂණ රේඩාර් පක්‍ෂාංගය, අංක 23 රෙජිමේන්තු පක්‍ෂාංගය සහ අංක 2 මෝටර් යාන්ත‍්‍රික නඩත්තු සහ අළුත්වැඩියා පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියළුම අංශයන් සිය පරීක්‍ෂාවට භාජනය කරන ලදී.

එසේම ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් භට භෝජනාගාරයේ පවත්වන ලද සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකටද සහභාගී විය.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මණ්ඩලය අමතා කඳවුරේ සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් දක්වන ලද දායකත්වය සහ කැපවීම ඇගයීමට ලක් කරන ලදී. එසේම මෙහිදී ගුවන් හමුදාව ආරම්භයේ සිට වසර 67 ක් සම්පූර්ණ වූ පසු, ගුවන් හමුදාධිපතිතුමන් සිය නායකත්වය යටතේ ගුවන් හමුදාවට ස්වාධීන ”ගුවන් හමුදා මුලධර්ම” ප‍්‍රකාශයට පත්කිරීමට හැකි වූ අතර ”2025 දර්ශනය” යටතේ ඉතා ඉහල මට්ටමේ ජයග5හණ කරා ගමන් කිරීමේ අරමුණින් ගුවන් හමුදාවේ සියළු කටයුතු ප‍්‍රමිතිකරණයට ලක්කොට ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි