වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
2:23pm on Monday 2nd July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාවන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ 2018 වසර සඳහා ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 ජූනි මස 25 වන දින සිදු කරන ලදී. මෙහිදී කඳවුර වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීම කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේකේඒකේ කළුආරච්චි විසින් සිදු කරන ලද අතර මර්ග පෙළ ඛණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් හට අත්තමාචාර පුදකරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් පුහුණු පාසලේ සියළුම ස්ථාන සිය පරීක්‍ෂාවට භාජනය කරන ලද අතර එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඊගල්ස් පර්ච් ඩි‍්‍රෆ්ට්වූඩ් කබානා සහ අවි ආයුධ අංශය විවෘත කිරීමද සිදු කරන ලදී. එසේම අළුතින් ඉදිකරන ලද ඊගල්ස් පර්ච් කබානා ඉදිරිපිට කළුවර පැළයක් සිටුවීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

මෙහිදී නායක ගුවන් භට පෙරේරා කේඒඑල්ඊ සහ සිවිල් සේවක එච්එම් පත්මකුමාර මහතා ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මණ්ඩලය අමතා කඳවුරේ සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් දක්වන ලද දායකත්වය සහ කැපවීම ඇගයීමට ලක් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි