ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන් සදහා අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම පිළිබද වැඩසටහනක්
2:26pm on Monday 2nd July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහල ඩෙංගු රෝගීන් සදහා ඉතා හොද සේවාවක් සපයන් රෝහලක් ලෙස නවීන වෛද්‍ය උපකරණ හා දක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම මගින් ඩෙංගු රෝ්ගීන්ගේ අවධානම් තත්වය හදුනා ඒසදහා අවශ්‍ය ප‍්‍රථිකාර කටයුතු සිදුකිරීම මගින් ජීවිත අවධානම අඩුකරගත හැකිය.

වෛද්‍ය වරුන් සදහා පැවැත්වූ මෙම අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීෙම් වැඩමුළුව මගින් ඒ හා සම්බන්ධ ඔවුන් සතු දැනුම හා අවබෝධය වර්ධනය කිරීමක් සිදුවේ. ඒ මගින් අසාධ්‍ය තත්වයේ සිටිනා රෝගීන් හදුනාගෙන ඔවුන්ගේ ප‍්‍රථිකාර කටයුතු සිදුකිරීමේ හැකියාව පවතී.

මෙම වැඩමුළුව මෙහෙයවන ලද්දේ ලංකා හොස්පිට්ල් හි විකිරණවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය එරංගා පෙරේරා මහත්මිය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශ් හරිස්චන්ද්‍ර මහත්මා යන අය විසිනි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහලේ වෛද්‍ය වරුන් ඇතුළු  වෙනත් ගුවන් හමුදා රෝහල් හි  වෛද්‍ය වරුන් පිරිසක් මෙම වැඩමුළුව සදහා සහභාගී වීය

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි