23 වන ගුවන් ලක්සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
2:55pm on Monday 2nd July 2018
ගුවන් ලක් සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ සාදා නිමකරන ලද 23 වන නිවස සැරයන් රත්නායක ආර්එම්සීඩී හට ප‍්‍රදානය කිරීම පසුගිය 2018 ජූනි මස 28 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් දියතලාව ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.  

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම මත සිදුකරනු ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීටර්සන් ප‍්‍රනාන්දු, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි