සඳහිරු සෑයේදී ගුවන් හමුදාවෙන් පොසොන් දන්සැලක්
2:57pm on Monday 2nd July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද පොසොන් මහා දන්සැලක් 2018 ජූනි මස 27 වන දින අනුරාධපුර සඳහිරු සෑය අභියසදී පවත්වන ලදී. මෙහිදී දිවා කාලයේ බත් සහ රාත‍්‍රී කාලයේ නූඩ්ල්ස් ලබා දුන් අතර අනුරාධපුරය වන්දනාමාන කරගැනීමට පැමිණි සැදැහැවතුන් 12000 ක් පමණ මෙමගින් තම ආහාර පහසුකම් සපායාගන්නා ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රධාන ආරාදිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් පීඩීඒ මාරිස්ටෙලා, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ, අනුරාධපුර කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක්ද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි