ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් හා නිළධාරිනියන් විසිරයාම සහ ආධුනික ගුවන්භට හා ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවන් විසිරයාමේ පෙළපාලිය
10:31am on Tuesday 3rd July 2018
සුරකිමු ලකඹර තේමා පාඨය කර ගනිමින් ශ‍්‍රී ලාංකීය ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙකු, සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන මුලික සටන් පුහුණු පාඨමාලාව හැදෑරූ කෙඩෙට් නිළධාරීන්, නිළධාරිණියන් ගේ විසිරයාම, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සහ චිනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලත් ආධුනික ගුවන් භට ගුවන් කාන්තාවන්ගෙ පාඨමාලාවන් විසිරයාමේ පෙළපාලිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදි 2018 ජුනි මස 29 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම විසරයාෙමි පෙළපාලයේ අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් මංගල සෙනෙවිරත්න කටයුතු කරනු ලැබු අතර අංක 62 වන කෙඩෙට් නිලධාරී මුලික පාඨමාලාව හා අංක. 14 වන මුලික කෙඩෙට් නිළධාරිනි පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිණියන් 64 දෙනෙකු සහ අංක 166 බි නිත්‍ය හා අංක 129 ස්වෙිචිඡුා ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 166-ඒ නිත්‍ය ආධුනික ගුවන්භට අංක 36 නිත්‍ය ආධුනික ගුවන් කාන්තා අංක 12 ස්වෙිචිඡුා ආධුනික ගුවන් කාන්තා හා අංක 34 ඉදුරාම බඳවා ගන්නා ගුවන්භට හා ගුවන් කාන්තා යන ආධුනික පුහුණු පාඨමාලා ඉතා සාර්ථකව හැදෑරූ ආධුනික ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 820 දෙනෙකු මෙහිදී විසිර ගියහ.

විසිරයාමේ පෙළපාලියට අභිමානවත් බවක් එක්කරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා තූර්්‍ය වාදක කණ්ඩායම විචිත‍්‍රවත් සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. ආධුනික ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් විසින් ඔවුන් පුහුණුවෙන් ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින් විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක් සහ අවි රභිත සටන් සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තුමන් ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් මෙන්ම දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් පීටසන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අනෙකුත් නිළධාරීන් හා සෙසු නිළයන් ද ආධුනික කෙඩෙට් නිළධාරී/නිළධාරිණී හා නිත්‍ය ගුවන් භට/ගුවන් කාන්තාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද යුධ, නාවික හමුදාවල සහ පොලීසියේ නිළධාරීන් ද සහභාගී විය.

මෙම පාඨමාලාවන්හී සුවිශේෂී දක්ෂතා දැක්වූ කෙඩෙට් නිළධාරී/නිළධාරිණියන් හා ආධුනික ගුවන්භට ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප‍්‍රධානය කරන ලදී.

අංක 62 කෙඩෙට් නිළධාරීන් සහ අංක 14 කාන්තා කෙඩෙට් නිළධාරිනියන්ගේ මුලික පාඨමාලාවේ ත්‍යාගලාභීන්

 * සෑම අතින්ම දක්ෂතම කෙඩෙට් නිළධාරීය - කෙඩෙට් නිළධාරී නාවින්න එන් එමි වි අයි

* සෑම අතින්ම දක්ෂතම කෙඩෙට් නිළධාරීනිය - කෙඩෙට් නිළධාරීනි ධර්මසේන එල් ඩබි පි ටි

අංක 166 ඒ ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාව අංක 36 ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව අංක 34 ඉදුරාම බදවා ගැනිෙමි ගුවන් භට ගුවන් කාන්තා පාඨමාලාව අංක 12 ස්වෙිජ්ජා ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවන් හි ත්‍යාගලාභීන්

 * සෑම අතින්ම දක්ෂතම ආධුනික ගුවන් භටයා - ආධුනික ගුවන් භටයා දිල්ෂාන් ඒ ඩි

* සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව - ආධුනික ගුවන් කාන්තා කරුණාතුංග ඒ එස් සි

අංක 166 බි ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාව අංක 129 ආධුනික ස්වෙිජ්ජාගුවන් භට පාඨමාලාවන් හි ත්‍යාගලාභීන්

* සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා - ආධුනික ගුවන් භට කරුණාතිලක


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි