ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 5 වන සහ 6 වන නිවාස ප‍්‍රදානය කෙරේ
3:45pm on Tuesday 3rd July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ සාදා නිම කරන ලද පස්වන සහ හයවන නිවාස ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ඉදි කරන ලද නව නිවාස රතුපස්වල ප‍්‍රදේශයේදී සහ දිවුලපිටිය ප‍්‍රදේශයේදී පිළිවෙලින් කෝප‍්‍රල් ගුණසේකර එම්ඩබ්එන්එස් (මියගිය) ගේ බිරිඳ හට සහ බලපන්ති සැරයන් ප‍්‍රදීප් කුමාර ඩබ්ඩබ් හට ප‍්‍රදානය කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියද මෙම අවස්ථාවට එක් වූවාය.

ඉදිකරන ලද නිවාස ද්විත්වය සඳහාම අරමුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සපයන ලද අතර රතුපස්වල ප‍්‍රදේශයේ ඉදිකරනු ලැබූ නිවසෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් සිදු කරන ලදී. දිවුලපිටිය ප‍්‍රදේශයේදී ඉදිකරන ලද නිවසෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ මීරිගම ගුවන් හමුදා කඳවුර මගින් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතීන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් නිවාස ද්විත්වය ම ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී විය. ඒකල ගුවන් හමුදා වෘතිතීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ නිළධාරීන් සහ සෙසු නිළයන් රතුපස්වල නිවස විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූඅතර මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල්ඩී දහනායක මීරිගම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක් දිවුලපිටිය නිවස විවෘත කිරීමේ අවස්ථාවටද සහභාගී වූහ.

කෝප‍්‍රල් ගුණසේකර එම්ඩබ්එන්එස් (මියගිය) ගේ බිරිඳ හට නව නිවස ප‍්‍රදානය කිරීම


බලපන්ති සැරයන් ප‍්‍රදීප් කුමාර ඩබ්ඩබ් හට නිවස ප‍්‍රදානය කිරීම
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි