ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හොකී සහ පාපන්දු ක‍්‍රීඩාංගණ සංකීර්ණය විවෘත කෙරේ
3:48pm on Tuesday 3rd July 2018
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හොකී සහ පාපන්දු ක‍්‍රීඩාංගණ සංකීර්ණය 2018 ජූලි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් විවෘත කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බලවත් අවශ්‍යතාවයක්ව තිබූ මෙම ක‍්‍රිඩාංගණ පහසුකම් ගුවන් හමුදාවේ අනාගත ක‍්‍රිඩාවට ඉමහත් රුකුලක් වනු ඇත. මෙම ක‍්‍රිඩාංගන ඉදිකිරීම විශේෂ ක‍්‍රීඩාංගන නඩත්තු කණ්ඩායම සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. මෙම ක‍්‍රීඩාංගන සංකීර්ණය විවෘත කිරීම අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළියේ සම්මාන ප‍්‍රදානයෙන් අනතුරුව සිදු කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, පාපන්දු සහ හොකී සංචිත සාමාජික සාමාජිකාවන්, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ නිලදාරීන් සහ ගුවන් භටයින් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි