සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
7:57pm on Tuesday 3rd July 2018
සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ජුලි මස 03 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මොයෝ මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරන අතර ඔවුන් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබුවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී  වීරසිංහ විසිනි. ඉන් අනතුරුව දූත පිරිස හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුව ගුවන් හමුදාධිපති කාර්යාලයේදී සිදුවූ අතර දෙපාර්ශවය සුහද පිළිසඳරකද නිරත වීය. තවද එම අවස්තාව සිහිවීම පිණිස සමරු තිළිණද හුවමාරුවක්ද සිදුකරණ ලදී.

ඉන් අනතුරුව ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකයේ  ජ්යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ගෲප් කැප්ටන් සම්පත් වික්රමරත්න මහතා විසින් 'ගුවන් හමුදා මෙහෙයුම් හා මෑතදී  සිදුවූ සංවර්ධනයන්' යන මැයින් විශේෂ දේශනයක් ද පවත්වන ලදී. මේ අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු නිළධාරීන් රැසක් සහභාගී වීය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි