අංක 07 හෙලිකොප්ටර් බලඝණය 16 වන සංවත්සරය සමරයි.....
2:54pm on Tuesday 28th September 2010
2010 සැප්තැම්බර් මස 24 වන දින ජාතියට මහත් සේවයක් ඉටුකල අංක 07 හෙලිකොප්ටර් බලඝණය තම 16 වන සංවත්සරය සමරන ලදී.  

එදින පෙරවරුවේ විංග් කමාන්ඩර් ඩ්බ්.ආර්.එම්.පී ජයවර්දන අණදෙන නිළධාරීතුමාගේ ප්‍රධානත්වයෙන්, වැඩ පෙළපාලියකින් දිනයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. සැමරුම් දින පෙළපාලිය අවසානයේ බලඝණයේ සියළු දෙනා එක්ව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි මිනිහිරි කාන්තා සුරැකුම් මධ්‍යස්ථානය ශ්‍රමදාන ව්‍යාපාරයක් මගින් පිරිසිදු කරන ලදී. මේ අවස්ථාවේදී දානමය පිංකමක්ද සිදු කිරීමට ඔවුහු අමතක නොකලහ.   

1994 දී අංක 401 බලඝණය නමින් උතුරු නැගෙනහිර රාජකාරීවලට සහය දීම සඳහා මෙම බලඝණය ආරම්භ කරන ලදී.1996 මාර්තු මස 23 දින මෙම බලඝණය අංක 07 බලඝණය ලෙසින් නම් වු අතර වර්තමානයේදී හිගුරක්ගොඩ මවු කඳවුරට අමතරව පලාලි සහ අනුරාධපුර කඳවුරු වලද අංක 07 බලඝණයේ අංශයන් ස්ථානගත කර ඇත.  

බලඝණ නායක කේ.වී.බී. ජයම්පති යටතේ බෙල්-206 හෙලිකොප්ටර් සමග පටන් ගත් සේවාවන් සඳහා මේ වන විට බෙල්-212 යානාද ඇතුලත් කරගෙන ඇත. මෙම බලඝණය මේ වන විට නිළධාරීන් 26 දෙනෙකුගෙන් සහ සෙසු නිළයන් 121 දෙනෙකුගෙන් සමන්විත වේ.        

මානුෂීය මෙහෙයුමට විශිෂ්ඨ දායකත්වක් ලබා දෙමින්, ක්‍රියාකාරීව සහභාගීවීමට ඉහත කී කඳවුරුවලට අමතරව චීන වරාය, පාලවි, වව්නියා කඳවුරු වල මෙන්ම තල් අඩි යුධ හමුදා කඳවුරේ සිටද තම සේවාවන් සැපයිමට ඉදිරිපත් විය. මුලදී මෙම හෙලිකොප්ටර් යානා ප්‍රහාරක යානා ලෙස පාබල සේනා ඉදිරියට යැම වැලකූ සතුරු බලමුළු බිඳලීමට යොදා ගන්නා ලදී. එසේම පසුගිය මානුෂීය මෙහෙයුම් වලදී තුවාල ලැබුවන් 16337 දෙනෙකු අවශ්‍යය ස්ථානවලට ප්‍රවාහනය කොට ඉතා ඉක්මනින් වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී.   

2001 නොවැම්බර් 22, 2007 ජුලි 02, 2008 ජුලි 23, 2008 ජුලි 29 සහ 2008 නොවැම්බර්  මස 27 යන දින වලදී මොවුන් විසින් පිලිවෙලින් වව්නියාව, නැදුන්කර්නි, මාමඩුව, මාන්කුලම් සහ ඔඩ්ඩුසුඩාන් (එවකට ත්‍රස්ත පාලන ප්‍රදේශ ) යන ඉදිරි ආරක්ෂක වළල්ලෙන් එපිට පිහිටි ප්‍රදේශවලට ගොස් දිගුදුර මෙහෙයුම් බලකායන් සහ එවැනි වෙනත් අතරමංවු හමුදා කණ්ඩායම් ත්‍රස්ත මිසයිල් ප්‍රහාර නොතකා ගොස් ඔවුන් බේරා ගැනිමින් විශිෂ්ඨ සේවයක නිරතවිය.

මෙවන් හැකියාවක් දැක්වු මෙම බලඝණයේ ගුවන් නියමුවන් ඉංජිනේරු නිළධාරීන් වෙඩික්කරුවන් සහ තාක්ෂණික/ ඉංජිනේරු සෙසු නිළයන් කාගේත් පැසසුමට ලක්විය යුතුමය.

මෙම මෙහෙයුම් වලදී තම දේශය වෙනුවෙන් දිවිපිදුවන් සිහිකල යුතුමය.

ස්කොඩ්‍රන් ලීඩර් දුෂන්ත එදිරිසිංහ - 1997-11-25 - පුලියන්කුලම ප්‍රදේශයේදී (සී.එච්.561)
බලපන්ති ලුතිනන් උපුල් තෙන්නකෝන් - 1997-11-25 - පුලියන්කුලම ප්‍රදේශයේදී (සී.එච්.561)
බලපන්ති සැරයන් ප්‍රේමතිලක - 1997-11-25 - පුලියන්කුලම ප්‍රදේශයේදී (සී.එච්.561)
සාජන් සමරවීර - 1997-11-25 - පුලියන්කුලම ප්‍රදේශයේදී (සී.එච්.561)  
නියමු නිළධාරී සීවලී මුනසිංහ - 200-02-17 - මුහමලේ, කොඩිකාමම් ප්‍රදේශයේදී (සී.එච්.538)
කෝප්‍රල් බණ්ඩාර - 200-02-17 - මුහමලේ, කොඩිකාමම් ප්‍රදේශයේදී (සී.එච්.538)
කෝප්‍රල් ජයලත් - 1995-04-29 - ඇවුරෝ ගුවන් අනතුර  
කෝප්‍රල් අල්විස් - 1995-04-29 - ඇවුරෝ ගුවන් අනතුර
නායක ගුවන් භට ගුණසිරි - 1995-04-29 - ඇවුරෝ ගුවන් අනතුර
බලඝණ නායක මාලන් තෝමස් - 2002-08-15 - වයි 8 ගුවන් යානා අනතුර
විංග් කමාන්ඩර් ඒපීජේ මොහොට්ටි - 2007-10-22 - දොරමඩලාව ප්‍රදේශයේදී (සී.එච්.539)  
බලපන්ති ලුතිනන් ඒඩීඑම් සිල්වා - 2007-10-22 - දොරමඩලාව ප්‍රදේශයේදී (සී.එච්.539)
සැරයන් ප්‍රීතිකුමාර - 2007-10-22 - දොරමඩලාව ප්‍රදේශයේදී (සී.එච්.539)
කෝප්‍රල් ගුණවර්ධන - 2007-10-22 - දොරමඩලාව ප්‍රදේශයේදී (සී.එච්.539)          

ආරම්භයේ සිට මේ දක්වා මෙම බලඝණයේ අණදීමේ භාග්‍ය ලැබුවන් මෙසේය....

අංක 401 බලඝණය
බලඝණ නායක කේවීබී ජයම්පති - 1994.09.17 - 1996.03.23
අංක 07 හෙලිකොප්ටර් බලඝණය
විංග් කමාන්ඩර් කේවීබී ජයම්පති - 1994.09.17 - 1996.03.23
විංග් කමාන්ඩර් කේවීබී ජයම්පති - 1996.06.01 - 1998.01.09                
බලඝණ නායක එස්.ආර් ගුණරත්න - 1998.01.10 - 1999.08.14
විංග් කමාන්ඩර් එස්.ආර් ගුණරත්න - 1999.08.15 - 2001.05.31     
බලඝණ නායක ඒ.පී.මිරැන්ඩෝ - 2001.06.01 - 2003.06.05
බලඝණ නායක එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය - 2003.06.06 - 2003.08.18
විංග් කමාන්ඩර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය - 2003.08.19 - 2004.12.14     
බලඝණ නායක ඒ.පී.මිරැන්ඩෝ - 2004-12-15 - 2005-07-14
බලඝණ නායක ආර්.පී. ලියනගමගේ - 2005.07.15 - 2006.10.22
විංග් කමාන්ඩර් ආර්.පී. ලියනගමගේ - 2006.10.23 - 2008.01.07
විංග් කමාන්ඩර් ඩී.කේ වනිගසුරිය - 2008.01.08 - 2009.03.24
ස්කොඩ්‍රන් ලීඩර් ඩ්බ්.ආර්.එම්.පී ජයවර්ධන - 2009.03.25 - 2009.07.01  
විංග් කමාන්ඩර් ඩ්බ්.ආර්.එම්.පී ජයවර්ධන - 2009.07.01 මේ දක්වා

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි