ජාත්‍යන්තර සැරයන් වරුන්ගේ ගුවන් සමුළුව සඳහා ප‍්‍රථම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සහභාගීත්වය
8:01am on Tuesday 24th July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රධාන බළලත් නිළධාරී ජී ජී එම් රංජිත් කුමාර හා බලපන්ති සැරයන් පතිරන පී පී ඩී ඒ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට හවායි හි හිකාම් පර්ල් වරාය පැසිෆික් ගුවන් හමුදා ඒකාබද්ධ කදවුරේදී පැවති ජාත්‍යන්තර සැරයන් වරුන්ගේ ගුවන් සමුළුව නියෝජනය කරන ලදී.

ප‍්‍රථම වතාවට පැවැත්වු මෙම ගුවන් සමුළුව වාර්ශිකව පැවැත්වීමට නියමිත අතර එමගින් ගුවන් හමුදාවන්හි සැරයන් වරුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට  හා අත්දැකීම් හුවමාරු කරගැනීමට හැකියාව ඇත. මෙම සමුළුව ජූලි මස 16 සිට 20 දක්වා පැවැත්වුණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි