ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නිමාවෙයි
3:04pm on Wednesday 25th July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ලද ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 84500 කට අධික ජනකායකගේ සහභාගීත්වයෙන් 2018 ජූනි මස 22 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදී පීටී 6 ගුවන් යානා සංදර්ශන ගිනි නිවන හමුදා සංදර්ශන රෙජිමේන්තු විශේෂ බලකා මෙහෙයුම් ගුවන් සුනඛ සංදර්ශන ඇතුළු අංග ගනනාවකින් ද පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සංගීතවත් කල සංගීත ප‍්‍රසංගයකින්ද සමන්විත විය.

අවසන් දින ප‍්‍රදර්ශනෙය් ප‍්‍රධාන සංවිධායක ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල්  එස්කේ පතිරණ මහතා  ප‍්‍රදර්ශනය නැරබීම සදහා එක්ව සිටි අතර ඉතා විශල ජනකායක් සහභාගී වීම හේතුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගේ  උපදෙසකට අනුව සංගීත ප‍්‍රසංගය මධ්‍යම රාතී‍්‍රය දක්වා පැවැත්වීමට කටයුතු කරන ලදී.

දින 03 ක් පුරාවට වීරවිල ගුවන් හමුදා කදවුරේ පැවති ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නැරබීම සදහා 135000 කට අධික පිරිසක් සහභාගී වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි