අළුතින් අළුතිවැඩියා කරන ලද කැට්ලිනා චැලට් නිවාඩු නිකේතනය ගුවන් හමුදාධිපති තුමන් ගේ සුරතින් විවෘත විය
3:42pm on Wednesday 1st August 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අළුතින් අළුතිවැඩියා කරන ලද "කැට්ලිනා චැලට්" නිවාඩු නිකේතනය කොග්ගල ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච් ටී එච් ධර්මදාස මහතාගේ ආරාධනයකට පසුගිය ජූලි මස 27 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ශල් කපිල ජයම්පති මහතාගේ සුරතින් විවෘතවිය. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් ආර් කේ  සමරසිංහ, කොග්ගල ගුවන් හමුදා කදවුරේ නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

1995 අගෝස්තු 04 වන දින මෙම නිවාඩු නිකේතනය එයාර් මාර්ෂල් ඕ එම් රණසිංහ මහතා විසින් විවෘත කරන ලදී. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරණ ලද්දේ ගුවන් පථ ඉදිකිරීමේ පක්ෂාංගය විසින් වන අතර සැලසුම් නිර්මාණය කරන ලද්දේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය මගිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි