ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගයේ තුන්වන සැමරුම
6:08pm on Friday 10th August 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙහි ස්ථාපිත කර ඇති පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය තම තුන්වන සැමරුම පසුගිය අගෝස්තු මස 05 දින සමරනු ලැබීය. මෙම සැමරුමට සමගාමීව කුරන විමලවංශාරාමය මූලික කරගනිමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර අගෝස්තු මස 07 දින පක්ෂාංගයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරගයක්ද සංවිධානය කරන ලදී. මෙම සියළුම සංවිධාන කටයුතු සදහා මූලිකත්වය ගෙන ක‍්‍රියා කරනු ලැබුවේ පක්ෂාංග අනදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩබ්ලිව් සී පී බෝධිසීල මහතා විසිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි