ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ අටවන නිවාසය ප‍්‍රදානය කෙරේ
8:16am on Monday 13th August 2018
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මක ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකර නිමකරන ලද අටවන නිවස ප‍්‍රදානය කිරීම, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සඵාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2018 අගෝස්තු මස 08 වන දින කුඹුරේගම ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. මෙම නිවස කෝප‍්‍රල් විජේසිංහ ඩබ්එම්යූබී (රථවාහන ක‍්‍රියාකරු iii) හට ප‍්‍රදානය කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයන ලද අතර සීගිරිය ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය විසින් මෙහි සමස්ථ ඉදිකිරීම් කටයුතු අධීක්‍ෂණය කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි