දැය වෙනුවෙන් දිවිපිදී රණවිරුවන්ට උපහාර පිණිස ගුවන් හමුදාධිපතිතුමන් පොපි මල් පලඳියි
8:26am on Monday 13th August 2018
රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පෙපි මල් පැළඳීම සංකේතවත් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට පොපි මල් පැළඳීම 2018 අගෝස්තු මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමයේ සභාපති බි‍්‍රගේඩියර් කේඒ ඥානවීර විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට පොපි මල පැළඳවීම සිදු කරන ලදී.

සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, උපසභාපති මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල ඇතුළු ශ‍්‍රි ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි