සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි
4:03pm on Friday 1st October 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සේවයෙහි යෙදි සිටියදි 2007 ඔක්තෝම්බර් මස 22 වන දින අනුරාධපුර කඳවුරේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය 22824 කෝප්‍රල් ප්‍රනාන්දු එච්.පී.එන්.ඩී රණවිරුවාගේ බිරිඳ වන එන්.ඩී.ඩී.බී. ප්‍රනාන්දු මහත්මියට හා දියණිය හට නිවසක් පරිත්‍යාග කිරිමේ උත්සවයක් 2010 සැප්තැම්බර් මස 30 දින මාතලේ නාවුල ප්‍රදේශයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අතින් සිදුවිය.

මිලිනයක් වටිනා මෙම නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහයෙන් හා සීගිරිය කඳවුරු අණදෙන නිළධාරි විංග් කමාණ්ඩර් චමින්ද ද සිල්වා මහතාගේ අදීක්ෂණය යටතේ  ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

මෙම නිවස පරිත්‍යාග කිරිමේ නිල උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිනිය හා විධායක කමිටු සාමාජික සාමාජිකාවන් මෙන්ම සිගිරිය කදවුරු අණදෙන නිලධාරි විංග් කමාණ්ඩර් චමින්ද ද සිල්වා මහතා ද මේ අවස්ථාවට එක් විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි