මීගමුව දිස්ත‍්‍රික් අංක 155 ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංඡුන ප‍්‍රදානය කෙරේ
9:17am on Monday 13th August 2018
ගුවන් බාලදක්ෂ සංගමයට අළුතින් එක්වූ සාමාජිකයින් 41 දෙනෙකු සදහා නිළ ලාංඡුන පැළඳවීම පසුගිය අගෝස්තු මස 08 වන දින කටුනායක ගුවන් හමුදා කදවුරු  ඇස්ට‍්‍රා සිනමා ශාලාවේදී පැවැත්විණි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී අණදෙන පිරිස් සේවා  ගෘාප් කැප්ටන් මනෝජ් කැප්පෙටිපොල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. මීගමුව දිස්ත‍්‍රික් බාලදක්ෂ සංගමයේ හිටපු දිස්ත‍්‍රික් බාලදක්ෂ කොමසාරිස් එල්මෝ රොවෙල් මහතා සහ කොලඹ ගුවන් බාලදක්ෂ කණ්ඩායම් නායක රෝහිත් ස්ටේන්වෝල් මහතා මෙම අවස්ථාවට සහභාගී විය. එසේම සීදූව දවිසමර මහා විද්‍යාලයේ සහ මීගමුව ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුහල්පතිවරුන් සහ ගුරු මහත්ම මහත්මීන් විශේෂ ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් සහ දෙමව්පියන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට සහභෘගි වූහ.

     
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි