කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය
9:42am on Monday 13th August 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 අගෝස්තු මස 10 දින සිදු කරන ලදී.

මාර්ග පෙළ ඛණ්ඩයක ආචාරය මධ්‍යයේ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. මෙහිදී බලපන්ති සැරයන් රෝහන කුමාර ඩබ්ලිව් එම් ඩබ්ලිව් (මෙහෙයුම් භූමි i) සහ සිවිල් සේවක එච් ජී පේ‍්‍රමරත්න මහතා (කම්කරු) හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතිකයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී දිවා භෝජන සංග‍්‍රහය  සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් ගුවන් භට භෝජනාගාරයේදී සංවිධානය කර තිබූ අතර අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලද අතර ඉදිරියේදීත් මෙම සේවාවන් නොකඩවා පවත්වා ගනිමින් සෑම විටම මව්බිමේ  සංවර්ධනයට දායකත්වය ලබා දීමට කටයුතු කල යුතු බව  අවධාරනය කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි