පැසිෆික් ඒන්ජල් අභ්‍යාසෙය් මාධ්‍ය දිනය
11:01am on Tuesday 21st August 2018
වව්නියාව, අලගල්ල විද්‍යාලයේ පවත්වනු ලැබූ පැසිෆික් ඒන්ජල් වැඩසටනහන් මාලාවේ වෛද්‍ය කදවුර මෙම මස 17 දින දෙස් විදෙස් මාධ්‍ය සදහා වෙන්වුනි එහිදී සිවිල් වැසියන් උදෙසා පවත්වනු ලැබූ සෞඛ්‍ය හා දන්ත වෛද්‍ය සායන ඇතුළු ඉංජිනේරු අංශය හා සම්භන්ධ වැඩකටයුතු රැසක් සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන අගෝස්තු මස 06 වන දින ආරම්භ කල  අතර එක්සත් ජනපද හමුදාවන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක‍්‍රියාත්මක කරන මෙම සත්කාරක සේවා සදහා මාලදිවයින, බංගලාදේශය හා නේපාලය වැනි රටවල හමුදා සාමාජිකයන් පිරිසක්ද සහභාගි විය.

ශී‍්‍ර ලංකා හා මාලදිවයින් කටයුතු භාර නිළධාරී රොබට් හිල්ටන්, පැසිෆික් ගුවන් හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිළධාරී මේජර් ජෙනරල් ජේම්ස් ඊෆර්ට්, වව්නියාව මූලික කදවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ලසිත සුමනවීර යන මහත්වරුන් ද නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි