ලේටන් කප් බොක්සිං තරඟාවළියේදී ගුවන් හමුදාව සිය දක්ෂතායන් විදහා දක්වයි
11:15am on Tuesday 21st August 2018
ශ‍්‍රී ලංකා බොක්සිං සංම්මේලනය  විසින් සංවිධානය කරනු ලබන ලේටන් කප් 2018 බොක්සිං තරඟාවළිය 2018 අගෝස්තු මස 14 සිට 18 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය රෝයල්-මාස් බොක්සිං වළල්ලේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකා යුධ හමුදා, ශ‍්‍රී ලංකා නාවික හමුදා, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා පොලිස් ක‍්‍රීඩා සමාජ ඇතුළුව ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලනය අනුබද්ධිත ක‍්‍රිඩා සමාජ නියෝජනය කරමින් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් 150 කට අධික ප‍්‍රමාණයක් මේ සඳහා සහභාගී වූහ.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් විසින් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 08 ක් සහ පිරිමි අංශයේ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙස නායක ගුවන් භට ජීවන් කුමාර සම්මාන ලැබීය.

ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ඩයන් ගෝමස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි