ජපන් මිත්‍රත්ව සංගමයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමෙි රථයක් හා ගිලන් රථයක්
4:30pm on Thursday 23rd August 2018
ජපනයේ 'මිනේ ඔනෝ' සිංහ සමාජය  මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නවීන ගිනි නිවීමෙි රථයක් හා නිසාන් වර්ගයේ ගිලන් රථයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත පරිත්‍යාග කිරීම අගෝස්තු මස 20 දින ගුවන් හමුදා මුලස්ථානයේදී සිදු විය.

මෙම ප‍්‍රධානෝත්සවයේදී  ජපන් නියෝජිත පිරිස සදහා විශේෂිත වූ සංස්කෘතික වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ආචාර්‍ය ලාල් තිලකරත්න මහතා, ඔනෝ නගරයේ නගරාධිපති උසාමි කොත්සු මහතා, මිනෝ ඔනෝ සිංහ සමාජ සාමාජිකයන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්්ඩල නිළධාරීන්, නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි