'පැසිෆික් ඒන්ජල්' වැඩසටහන සර්ථකව නිමවෙයි
8:22am on Monday 27th August 2018
ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිපික් ගුවන් අණ භට පිරිස් හා ඒකාබද්ධව සිදුකරන පැසිෆික් ඒන්ජල්-2018 වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේ වව්නියාව අනුරාධපුර හා සීගිරිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් 2018 අගෝස්තු මස 06 වන දින ආරම්භ වී 2016 අගෝස්තු මස 20 වන දින වව්නියාව අලගල්ල විද්‍යාලයේදී අවසන් විය.

කලාපයේ රටවල්වල ජනජීවිත ගොඩනැංවීමේ අරමුණින් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම් හා වෛද්‍ය සායන ඇතුලු වැඩසටහන් මාලාවක් පැවැත්වුණු අතර මෙම වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරු සහ වෛද්‍ය කණ්ඩායම්ල ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් හා සිවිල් සංවිධාන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරුණු අතර මෙම වැඩසටහනට සහභාගීවීමට සහ අධීක්ෂණය කිරීමට විවිධ රටවල් නියෝජනය කරමින් නිරීක‍ෂණ කණ්ඩායම් කිහිපයක් ද පැමිණ සිටියහ.

මෙම වැඩසටහන් මාලාව යටතේ වව්නියාව ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ මුලික සෞඛ්‍ය ආරක‍ෂණයල රෝග තත්වයන් වෙනුවෙන් ජංගම ප්‍රථීකාර කිරීම් සහ දන්ත සෞඛ්‍ය වැඩසටහන් ද පාසල් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් ගුවන් හමුදා ඉංජිනේරුවන් හා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව යාපනය ප්‍රදේශයේ පාසල් කිහිපයක අලූත්වැඩියා කිරීමේ කටයුතු ද සිදුකෙරිණ.

සෞඛ්‍ය වැඩසටහන වව්නියාව අලගල්ල විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වූ අතර 3000කට අධික රෝගීන් සංඛ්‍යාවකට එහීදී ප්‍රතිකාර ලබාදීම සිදු කෙරිණ. මෙම සෞඛ්‍ය වැඩසටහන ඊට දායකත්වය දැක්වූවන් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කිරීමට උපකාර විය.

පාසල් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් ගුවන් හමුදා ඉංජිනේරුවන් හා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව වව්නියාව ප්‍රදේශයේ පාසල් කිහිපයක අලුත්වැඩියා කිරීම් කටයුතු සිදු කෙරිණ. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඊට දායකත්වය දැක්වූවන් අතර විශේෂඥ දැනුම වර්ධනය කිරීමට හා ඔවුන් අතර නවීන ඉංජිනේරු ක්‍රියාකාරකම් හුවමාරු කරගැනීමට ද ඉවහල් විය.

මෙම වැඩසටහන් මාලාවේ අවසන් අවස්ථාවට වැඩබලන නියෝජ්‍ය ප‍්‍රධානී පර්තා මසුම්ඩාර්, මාලදිවයින් හා ශ‍්‍රී ලංකා මෙහෙයුම් කටයුතු භාර නිළධාරී රොබට් හිල්ටන්, පැසිෆික් ගුවන් හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිළධාරී මේජර් ජෙනරල් ජේම්ස් ඊෆර්ට්, අනුරාධපුර මූලික කදවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එන් අබේසිංහ, වව්නියාව මූලික කදවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ලසිත සුමනවීර යන මහත්වරුන් ද නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි