ගුවන් සම්මේලනය 2018 මාධ්‍ය සාකච්ඡාව
8:52am on Monday 15th October 2018
කොළඹ ගුවන් සම්මේලනය 2018 පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ මූලිකත්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 10 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙවර 2018 ගුවන් සම්මන්ත‍්‍රණය ”ශ‍්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග ̃යන තේමාව යටතේ ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටම්වල අභියෝග ජය ගැනීම සඳහා සාමූහික ගුවන් බලයේ ඵලදායී භූ-මූලෝපායික යෙදවීම අවබෝධ කරගැනීම පිණිස සංසදයක් නිර්මාණය කරගැනීම අරමුණුකොට ගනියි.  හමුදා ප‍්‍රධානීන්, තාක්‍ෂණික විශේෂඥයින්, ගෝලීය ප‍්‍රතිපත්ති ආයතන, ලොව පුරා රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, අනාගතය විසින් පනවන පොදු අභියෝගයන් විසඳීම සඳහා ඒකාබද්ධ ගෝලීය ගුවන් බලය ගොඩනැගීම වෙනුවෙන් 2018 ඔක්තෝබර් මස 18 සහ 19 යන දිනයන්හිදී රත්මලාන, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාව වෙත පැමිණෙනු ලබයි.

මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් මාධ්‍ය අමතමින් කොළඹ ගුවන් සමුළුව, ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණු දෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටළු සහ ආරක්‍ෂක තර්ජන මෙන්ම ස්වභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප‍්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සමුළුවක් බව ප‍්‍රකාශ කරන ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ. ගුවන් සමුළුවේ සභාපති සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න, 2018 කොළඹ ගුවන් සමුළුවේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් ඩී එම් එස් රන්ගොඩගේ සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි