බත්තරමුල්ල, පැලවත්ත ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහාය
2:06pm on Monday 15th October 2018
බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ නිමි ඇදුම් අලෙවිසැලක ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් හා ගිනි නිවීමේ රථ හා ගිනි නිවීමේ භට පිරිස් යොදා ගනිමින් සහය දක්වන ලදි. මේ සදහා බම්බි බකට් යොදා ගනිමින් මෙහෙයෙුම් 17 ක් සිදු කරන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාව පදවමින් ප‍්‍රධාන නියමු නිළධාරි ලෙස ස්කොඩ්රන් ලීඩර් එම් ඩී ඒ දොඩන්ගොඩ හා උප නියමු වශයෙන් ස්කොඩ්රන් ලීඩර්  ඩී ආර් රන්දුනුගේ කටයුතුකරන ලදී. බම්බි බකට් ක‍්‍රියාකරු වශයෙන් සැරයන් පුෂ්පකුමාර, කෝප‍්‍රල් සුමාල් හා නායක ගුවන් භට චතුරංග මෙම මෙහෙයුම සදහා දායකත්වය දැක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි