ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය
4:01pm on Monday 15th October 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (දෙවන සැසිය) 2018 ඔක්තොම්බර් මස 12 වන දින පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීක‍ෂා කල අතර පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් කටුනායක කඳවුරේ සියලූම නිළධාරීන්සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලද අතර මාතෘභූමිය ගොඩනැගීම සදහා නිරන්තරයෙන්ම ගුවන් හමුදාවේ දායකත්වය අවශ්‍ය බව ද  අවධාරණයෙන් කියා සිටියේය.

මෙහිදී ගුවන් හමුදාධිපති තුමන් විසින් බලපංති සැරයන් ප‍්‍රසන්න කුමාර කේ බී, බලලත් නිළධාරී තනතුරට උසස්වීමක් ලබාදුන් අතර මෙය ගුවන් හමුදා ඉතිහාසය තුල ගුවන්  හමුදාධිපති වරයකු විසින් කදවුරු පරීක්ෂනය අතරතුර ලබාදුන් ප‍්‍රථම උසස්වීම ලෙස සටහන් විය. බලපංති සැරයන් ප‍්‍රසන්න කුමාර දක්ෂ ඉංග‍්‍රීසි මාධ්‍ය සරඹ උපදේශක වරයෙකි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි