රූපවාහිනී කුසලාන පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට..
7:10pm on Thursday 21st October 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා වයස අවු 25 පහල පිරිමි කණ්ඩායම වට 03-01 ලෙස නාවික
හමුදා කණ්ඩායම පරදවමින් අවු 25 පහල රූපවාහිනි කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරයන් වීමට ජාතික තරුණ සේවා පිටියේදී පසුගියදා සමත් විය.

තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 80ක් පමණ සහභාගීවු අතර අවසන් පුර්ව තරග සඳහා ගුවන් හමුදාව, නාව්ක හමුදාව, යුධ හමුදාව සහ තරුණ සේවා සමාජ පිරිමි කණ්ඩායම් සුදුසුකම් ලැබු අතර මේ අතරින් ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

පසුගිය ඔක්තෝම්බර් මස 17 දින රාත්‍රී මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ
ක්‍රීඩාගාරයේදී පැවති අවසන් මහා තරගයේදී ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තරගයේ
ක්‍රීඩා වාර පහේදී 25-20, 23-25, 25-17 හා 25-15 වශයෙන් ලකුණු වාර්තා කරමින්
නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ජය ගන්නා ලදී.

යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම, ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රාජ්‍ය පරිපාලන නියෝජ්‍යය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් තරගාවලියේ ජය සංකේත ප්‍රධානය කරන ලදී.

තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩකයින් මෙසේ සම්මාන ලබා ගන්නා ලදී.

දක්ෂතම ක්‍රීඩකයා - නායක ගුවන් භට  නිලංක ජයකොඩි
දක්ෂතම පන්දු ලබා ගන්නා - නායක ගුවන් භට නුවන් ප්‍රනාන්දු
දක්ෂතම ප්‍රහාරක - ගුවන් භට නිර්මාල් චතුරංග
දක්ෂතම  වලක්වන්නා - නායක ගුවන් භට එම් එම් එම් රිෆ්කි


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි