ගුවන් හමුදා තත්ව කව සම්මානය අනුරාධපුරට
7:22pm on Thursday 21st October 2010
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක තත්ව පාලන පරීක්‍ෂක කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ 2010 වසරේ ගුවන් හමුදා තත්ව සම්මාන කවයේ, තත්ව කව සම්මානයගුවන් හමුදා අනුරාධපුර ප‍්‍රවාහන අංශයට හිමි විය.

මෙම සම්මාන ප‍්‍රධානය ගුවන් හමුදා ප‍්‍රහාරක ගුවන් යානා බලඝනයන්හි තත්ව පාලන නිළධාරී ගෲප් කපිතාන් එල්.ඩි. ගුණවර්ධන, ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයන්හි තත්ව පාලන නිළධාරී ගෲප් කපිතාන් ටී.ඒ.ඞී.ආර්. සේනානායක සහ ගුවන් යානා ඉංජිනේරු තත්ව පාලන නිළධාරී විංග් කමාන්ඩර් එස්.ටී.ආර්. දේවසිරි යන නිළධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම තත්ව සම්මාන ප‍්‍රදානය ජාත්‍යන්තර තත්ව දිනය වන ඔක්තෝබර් 14 වන දින පවත්වන ලද අතර සියළුම පරීක්‍ෂණ කටයුතු ජාත්‍යන්තර තත්ව පාලන නීති රීතීන්ට අනුකූලව සිදුකරන ලදී. මේ සඳහා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් තත්ව කව හතක් තේරී පත් විය. කොළඹ කඳවුරු දන්ත වෛද්‍ය ඒකකය, කටුනායක අංක 04 බලඝණය නියෝජනය කරමින් තත්ව කව දෙකක්, කටුනායක කඳවුරේ පිහිටි ගුවන් යානා අමතර උපාංග ඒකකය, කටුනායක සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය, කොළඹ කඳවුරු ගිනි නිවාරණ ඒකකය සහ අනුරාධපුර කඳවුරු ප‍්‍රවාහන අංශය මෙසේ ඉදිරිපත් වූ තත්ව කවයන්ය.

ඒ අතරින් හොඳම තත්වයෙන් යුතු තත්ව කව තුනට සම්මාන ප‍්‍රදානය කරන ලද අතර එම තත්ව කවයන් පිළිවෙලින් පහත පරිදි වේ.

ප‍්‍රථම ස්ථානය ”හරිත ලොවක්” - අනුරාධපුර කඳවුරේ ප‍්‍රවාහන අංශ තත්ව කවය
දෙවන ස්ථානය ”සෞඛ්‍ය” - කොළඹ ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකක තත්ව කවය
තුන්වන ස්ථානය ”සොයමු මග” - ගුවන් හමුදා කොළඹ කඳවුරේ දන්ත වෛද්‍ය ඒකක තත්ව කවය



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි