වනාන්තර නැවත වගාකිරිමේ ව්‍යාපෘතිය
8:16am on Thursday 27th December 2018
ශ‍්‍රී ලංකාෙවි වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රීයාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ නායකත්වය යටතේ සිය සක‍්‍රීය අනුග‍්‍රහය සපයමින් සිටි. එම මහගු කාර්යයේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ගුවනින් බීජ ඉසිමේ ව්‍යාපෘතියට ගුවන් හමුදාවේ දායකත්වය සැපයිම දැක්විය හැක.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුලින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මගින් තම ප‍්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම රෙටි අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් දායාද කිරිම උදෙසා ඉමහත් සතුටින් මෙම ව්‍යාපෘතිය සදහා කැපවී සිටි.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රීයාවට නැන්විම සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මාස් හෝල්ඩින් පුද්ගලික සමාගම සමග අත්වැල් බැදගන්නා ලදි.

 ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරිම මෙමගින් අපේක්ෂා කරන මුලික අරමුණ වේ.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක‍්‍රීයාවට නැංවු මෙම ව්‍යාපෘතිය රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකරනු ලදි. මෙම ප‍්‍රදේශය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආසන්න වශයෙන් ගුවන් සැතපුම් 13 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම මෙහෙයුමට කරඳ, මී සහ කුඹුක් යන ශාක වර්ගයන්ට අයත් බිජ යොදා ගන්නා ලදි. මෙම බිජ විවිධ සංයුතීයෙන් යුත් රෝපණ මාධ්‍ය 16 ක අන්තර්ගත කොට ආසන්න වශයෙන් බීජ 5000 ක් පමණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළවට ඉසීම සිදුකරනු ලැබීය.

අංක 06 වන හෙලිකොප්ටර් බලඝණයට අයත් බිජ රැගත් හෙලිකොප්ටර් යානාව එහි අණදෙන නිලධාරි ඩබිඩබ්එන්ටිපී ප‍්‍රනාන්දු සහ සහයක නියමු වශයෙන් ස්කොඩ‍්‍රන් ලීඩර් එමිඩබිඑන් ද සිල්වා සමගින් මෙම ව්‍යාපෘතිය සදහා 2018 දෙසැම්බර් මස 12 වන දින උදෑසන 0900 ට පමණ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත විය.

මෙම අවස්ථාව විධායක කෘෂි නිලධාරි ගෲප් කැප්ටන්  ඕඒඑන්එස් ප‍්‍රනාන්දු නිලධාරි තුමා විසින් ගුවනේ සිට අධික්ෂණය කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි