ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාර ගැනේ
8:08am on Thursday 24th January 2019
ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා 2019 ජනවාරි මස 16 වන දින උදෑසන සිය ධුරයේ වැඩ භාරගන්නා ලදි.

ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පැමිණි නව උපකුලපතිවරයා ඉතා සුහඳව පිළිගත් අතර ති‍්‍රවිධ හමුදා සමිමාන මුරයක්ද පිරිනමන ලදි. ඉන් අනතුරුව උපකුලපතිවරයා සිය කාර්්‍යාලයේදි නිළ වශයෙන් රාජකාරි කටයුතු ආරමිභ කලේය.

මහනුවර උපත ලද එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා සිය ප‍්‍රාථමික හා ද්විතිය අධ්‍යාපනය මහනුවර සිල්වෙසිටර් විද්‍යාලයෙන් ලබා ඇතර 1985 ජුලි මස 03 වන දින කැඩෙට් නිළධාරියෙකු ලෙස ගුවන් හමුදවට එක්වු ඔහු 1987 ජනවාරි මස 01 වන දින අධිකාරියට පත්වී නියමු නිලධාරියෙකු ලෙස නියමු පොදු රාජකාරි ඇරඹිය.

ඔහු සිය සේවා කාලය තුල දෙස් විදේස් වෘත්තිිය පුහුණු පාඨමාලා රැසකට සහභාගි වි ඇති අතර චිනයේ බිජිං විශ්ව විදලයේ උපාධිධාරියකු වන කොටකදෙණිය මහතා මදුරාසි විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා උපාය මාර්ග කළමනාකරණ අධ්‍යයන ශාස්ත‍්‍රපති උපාධියද ලබා ඇත. මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාල අචාර්වරුන් ති‍්‍රවිධ හමුදා නිළධාරින් හා අනද්‍යන කාර්ය මණ්ඩලයද සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි