ගුවන් හමුදා අංගම්පොර සංචිතය කොළඹදී අංගම්පොර මහජන දර්ශනයක් ඉදිරිපත් කරයි
4:17pm on Wednesday 27th February 2019
සිරස ටීවී ආයතනය විසින් සංවිධානය කරන ලද පළමු ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ ජයග‍්‍රාහකයින් වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම දිවයින පුරා පැවැත්වීමට නියමිත අංගම්පොර මහජන ප‍්‍රදර්ශන මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය 2019 පෙබරවාරි මස 15 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි පළමු මහජන දර්ශනය ගුවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී ඉදිරිපත් කරන ලදී.

එයාර් කොමඩෝර් සීබී ලැබ්රෝයි මහතා සභාපති වශයෙන් කටයුතු කරන ගුවන් හමුදා අංගම්පොර සංචිතයේ මෙම ”අංගම් මැඩිල්ල” මහජන දර්ශන මාලාවේ ආරම්භක සංදර්ශනය නැරඹීම සඳහා 2000 කට අධික ජනතාවක් ගුවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයට රැුස්ව සිටියහ.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් කිහිපදෙනෙක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික සටන්කලාව වන අංගම්පොර සටන් කලාව ප‍්‍රචලිත කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වෙයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි