එරෝ ඉන්දියා 2019 ප‍්‍රදර්ශනයට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
4:23pm on Wednesday 27th February 2019
ද්වි වාර්ශිකව පවත්වනු ලබන එරෝ ඉන්දියා 2019 ප‍්‍රදර්ශනය ”අවස්ථාවන් බිලියනයක් සඳහා ධාවන පථය” තේමාකොටගෙන ඉන්දියාවේ බැන්ගලූර්හි යලහන්කා ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. 1996 වසරේ සිට මේ දක්වා වසර දෙකකට වරක් ප‍්‍රදර්ශන 11 ක් පවත්වා ඇත මෙම ගුවන් ප‍්‍රදර්ශනය ලොව පුරා අති සාර්ථක ගුවන් ප‍්‍රදර්ශනයක් ලෙස හඳුන්වනු ලැබේ. පසුගිය එරෝ ඉන්දියා 2017 ප‍්‍රදර්ශනය සඳහා ලොවපුරා ව්‍යාපාරිකයන් 60000 කට අධික පිරිසක් සහ සාමාන්‍ය නරඹන්නන් 100000 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වී ඇත. විවිධ රටවල නිශ්පාදිත නවතම ගුවන් යානාවන්හි සංදර්ශනයක් සෑම දිනකම නරඹන්නන් ගේ දර්ශනය පිණිස පවත්වනු ලබයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා සහභාගී වූ අතර එහිදී ඔහු ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් බිරේන්ද‍්‍ර සිං දනෝආ මහතාද හමුවිය. මෙහිදී ගුවන් හමුදාධිපතිවරුන් දෙපල විසින් සිය හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි