16 වන ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිධුරයෙන් විශ‍්‍රාම ගනී
8:52am on Thursday 30th May 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන් හමුදාධිපතිධූරයේ රාජකාරීන් 17 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට අද (2019 මැයි මස 29* දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී නිළ වශයෙන් භාරදෙන ලදී.

ධුරයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් හට ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ගුවන් හමුදාධිපති සම්මාන පෙළපාලියක් මගින් උත්තමාචාර පුදකරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවසාන වරට සමස්ථ ගුවන් හමුදාව අමතන ලද අතර අවසානයේ නව ගුවන් හමුදාධිපතිතුමන් හට ගුවන් හමුදාධිපතිධූරයේ යෂ්ටිය භාරදෙමින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි