කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සිය 16 වන සංවත්සරය සමරයි
8:49am on Monday 24th June 2019
කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය පසුගිය ජූනි මස 13 වන දින සිය 16 වන සංවත්සරය සමරන ලදී.

සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මේ වන විට සිවිල් ඉංජිනේරු නිළධාරීන් 20 දෙනෙකුගෙන්ද සිවිල් ඉංජිනේරූ වෘත්තීන්හි මනා පුහුණව ලත් ගුවන් භටයින් 1432  දෙනෙකුගෙන්ද සමන්විත වෙයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කරනු ලබන පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියළුම ඉදිකිරීම් සහ නැවත ගොඩනැගීමේ කටයුතු සියල්ලක්ම සිවිල් ඉංජිේනරු පක්‍ෂාංගය මගින් සිදු කරනු ලබයි.


සංවත්සර සැමරුම් දින ආරම්භ කරමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්බීසීඩී මුතුතන්ති‍්‍ර විසින් සියළු දෙන අමතන ලද අතර පසුව සවස ආගමික බන වැඩසටහනක් සහ ඔසු පැන් දන්සලක්  කටුනායක ගුවන් හමුදා කදවුරු බෞද්ධ විහාරස්ථානයේදි සේවා හා සිවිල් සේවකයින් 450 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව ජූනි මස 07 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. ඒ සඳහා 100 දෙනෙකු පමණ ලේ දන්දීම සඳහා ඉදිරිපත් වූහ. මෙම ලේ දන්දීමේ වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල සහ මීගමුව මහ රෝහල එක්ව සංවිධානය කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි