2019 යුධ හමුදාධිපති ගෝල්ෆ් තරඟාවළියේ ජය ගුවන් හමුදාවට
10:43am on Wednesday 3rd July 2019
ශ‍්‍රී ලංකා යුධ හමුදා ගෝල්ෆ් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ”හයිලෑන්ඩර්ස් ගෝල්ෆ් කප් 2019” ගෝල්ෆ් තරඟාවලිය 2019 ජූනි මස 29 වන දින යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් දියතලාව යුධහමුදා ගෝල්ෆ් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා මෙවර තරඟාවළියේ සුවිශේෂි ආරාධිත අමුත්තෙකු විය. එසේම ගුවන් හමුදාධිපතිතුමන් 2019 හයිලෑන්ඩර්ස් ගෝල්ෆ් තරඟවළියට කී‍්‍රඩා කරන ලද අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයට ක‍්‍රීඩා කලේය. එසේම තවත් ගුවන් හමුදා නිළධාරීන් පස්දෙනෙකු 2019 හයිලෑන්ඩර්ස් ගෝල්ෆ් තරඟවළියට සමගාමීව පවත්වන ලද 2019 යුධ හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළියට ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩා කරන ලදී.

මෙහිදී පළමු යුධ හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හියුමාල් ධර්මදාස සමත්වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදා ගෝල්ෆ් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2019 හයිලෑන්ඩර්ස් ගෝල්ෆ් තරඟවළියේ ”බී” කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි