ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
4:41pm on Wednesday 28th August 2019
ශ‍්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු ඩේවිඩ් හොලි මහතා 2019 අගෝස්තු මස 23 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය. මහ කොමසාරිස්වරයා සමගින් ඔ්ස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ගෲප් කැප්ටන් සියැන් යුන්වින් මහතාද සංචාරයට සහභාගී විය.

දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්තුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි