ගෝල්ෆ් ක‍්‍රීඩා උපකරණ නොමිළයේ බෙදා දෙයි
4:42pm on Wednesday 28th August 2019
ගුවන් හමුදා ක‍්‍රිඩා සම්මේලනයේ සභාපති සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ගුවන් හමුදා ගොල්ෆ් ක‍්‍රිඩකයන් හට ගෝල්ෆ් සපත්තු සහ ගෝල්ෆ් බෑග් ප‍්‍රදානය කිරීම 2019 අගෝස්තු මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.මෙම ක‍්‍රීඩකයින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ලබන ඔක්තෝම්බර් මස චීනයේදී පැවැත්වෙන 2019 ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළියට සහභාගී වීමට නියමිත වෙයි.

මෙම වැඩසටහන ගුවන් හමුදා ගෝල්ෆ් සංචිත සභාපති එයාර් කොමඩෝර් ප‍්‍රසන්න රණසිංහ විසින් හිටපු ගුවන් හමුදා ගොල්ෆ් සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.

මෙහිදී ස්කොඩ්රන් ලීඩර් තුෂාන් ප‍්‍රනාන්දු, නායක ගුවන් භට කුමාර පීඩීඑස්යූ සහ නායක ගුවන් භට ජයසීලන් ටී හට ගෝල්ෆ් උපකරණ ප‍්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි