කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
11:47am on Thursday 12th September 2019
ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය  විසින් කටුකුරුන්ද  ගුවන් හමුදා කඳවුරේ  අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  එච්ඩබ්ලියුආර් චන්දිම  හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 සැප්තැම්බර් මස 10 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය  2014 මාර්තු මස 02 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහු මත්තල ගුවන් හමුදා පහිනාංකයේ අණදෙන නිලධාරීවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් එච්ඩබ්ලියුආර් චන්දිම  මීට පෙර අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.

මෙම පෙළපාලියට ස්කොඩ්රන් ලීඩර්  ඩබ්ලිව්එල්අයි උදය කුමාර විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය  අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි