අන්තර් ඒකක මල්ලවපොර තරගාවළියේ ශුරතාවය කටුනායක කඳවුරට
8:55am on Tuesday 7th December 2010
පසුගිය 03 දින කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී නිමාව දුටු අන්තර් ඒකක මල්ලවපොර තරගාවළියේ ශුරතාවය දිනා ගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරට හැකිවිය.

දින දෙකක් පුරාවට පැවති මෙම තරගාවළිය සඳහා කඳවුරු ඒකකයන්හි අති දක්ෂ මල්ලවපොර තරගකරුවන් රැසක් සහභාගී විය. තරගාවළියේ දක්ෂතම මල්ලවපොර ශුරයා ලෙස පලාලි කඳවුරේ සේවයේ නියුතු නායක ගුවන් භට චතුරංග අභිෂේක ලැබු අතර මල්ලවපොර ශුරිය ලෙස 26 වෙනි රෙජිමේන්තු පක්ෂාංගයේ කෝප්‍රල් වඩුගේ සම්මාන ලැබීය.

තරගාවළියේ තියුණු සටනකින් අනතුරුව එක් ලකුණකින් කටුනායක 26 වෙනි රෙජිමේන්තු පක්ෂාංගය පරාජයට පත්කරමින් ලකුණු 15ක් ලබා ගත් වන්නි විශේෂ මෙහෙයුම් රාශිමුලය පිරිමි ශුරතාවයට හිමිකම් කීහ. කාන්තා ශුරතාවය සඳහා කටුනායක කඳවුර අතර සටන පැවති අතර කටුනායක කඳවුරු මුලස්ථානය, 26 වෙනි රෙජිමේන්තු පක්ෂාංගය පරාජයට පත් කරමින් එහි ශුරතාවය ලබා ගන්නා ලදී. මල්ලවපොර තරගාවලියේ සමස්ථ ශුරතාවය කටුනායක කඳවුරට හිමි විය.

තරගාවළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස දන්ත සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම සහභාගී විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි